FAST NEWS

24×7 Around the Globe

අති නවීන සන්නිවේදන උපකරණ සමග මීගමුවේදි 03 ක් අත්අඩංගුවට

 

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – අති නවීන ජංගම දුරකථන ඇතුළු සන්නිවේදන උපකරණ රැසක් සමග චීන ජාතිකයකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු
මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ අත්අඩංගුවට ගැනිමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ජංගම දුරකථන 420ක්, විවිධ දුරකථන සමාගම්වලට අයත් සිම්පත් 17400ත්, අන්තර්ජාල සබඳතා ලබාගත හැකි උපාංග(රවුටර්) 60ක් සහ අධි සන්නිවේදන උපකරණ රැසක් මොවුන් සතුව තිබී සොයාගත් බව පොලිසිය කියයි.

සැකකරුවන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ නිලධාරීන් කැදවා පරීක්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.