( ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය යොදවා ඇති බැවින් ඒ වෙනුවෙන් මව්පියන් කැඳවීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.
ඇතැම් පාසල්වල ආරක්ෂක කටයුතු සඳහා මව්පියන් යොදවා ගැනීමේ දී ඔවුන් අපහසුතාවට පත්වන අයුරින් එම කටයුතු සිදු ව ඇති බව ද, ගැබිනි මව්වරුන් පවා පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් ඇතැම් අවස්ථාවල ගේට්ටු ඉදිරිපිට රැඳී සිට පරීක්ෂා කිරීමේ ක්‍රියාවල යෙදී සිට ඇති බවට ද පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය වෙත තොරතුරු වාර්තා වී ඇත.
ඉහත තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සහ මේ වන විට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කෙරෙහි විශ්වාසය තබමින් පාසල් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය වෙනුවෙන් මව්පියන් සම්බන්ධ කරගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි
ඒ අනුව පාසල්වල ආරක්ෂාව වෙනුවෙන් මව්පියන් සම්බන්ධ කරගැනීම මින් ඉදිරියට අවශ්‍ය නොවන අතර, මෙතෙක් ඒ වෙනුවෙන් කාලය සහ ශ්‍රමය කැපකරමින් ලබාදුන් සහයෝගයට සියලු මව්පියන්ට අධ්‍යාපන අමාත්‍යාංශය සිය කෘතවේදිත්වය පළ කර සිටියි.








