(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තවත් වසර පහකින් වඩු මඩු තහනම් කරන බවට ජනාධිපතිවරයා විසින් කළ ප්‍රකාශය හේතුවෙන් ගෘහ භාණ්ඩ මිළ ඉහල යාමේ අවධානමක් පවතින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
ලී මෝල් වසා දැමීම හමුවේ මෙරට ගෘහ භාණ්ඩ ඉල්ලුමට කුමක් කරන්නේද යන ගැටලුවට රජය පිළිතුරු දිය යුතු බවත් , ගෘහභාණ්ඩ ආනයනය කළ හැකි මුත් ඒවායේ පවතින ඉහල මිළ ගණන් හේතුවෙන් සාමාන්‍ය ජනතාවට මිළදී ගැනීමේ හැකියාවක් නොමැති බවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.
ලංකාවේ පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමට නම් මධ්‍යම පරිසර අධිකාරිය වසා දමා වෙනත් ආයතනයක් ස්ථාපිත කරන්නැයිද ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිගෙන් ඉල්ලා සිටී.
ලී මෝල් හා වඩු මඩු තහනම් කිරීමට පෙර ජනතාව දැඩි පීඩාවටට පත් කරන මහා පරිමාණ වී මෝල් තහනම් කිරීමට ජනාධිපතිවරයා පියවර ගත යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කරයි.








