(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මන්නාරම මුහුදේ අතහැර දැමූ ටෝලර් යාත්‍රාවක තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 140 ක් නාවික හමුදාව විසින් සොයා ගෙන තිබේ.
උතුරුමැද නාවික විධානයට අනුයුක්තව නාවිකයින් මන්නාරම – පේසාල මුහුදේ සිදුකළ මුල සංචාරයක් අතරතුරදීයි මෙම ටෝලර් යාත්‍රාව සොයා ගෙන ඇති අතර , නාවික හමුදාව විසින් සිදුකරන මෙහෙයුම් හේතුවෙන් සැකකරුවන් මෙලෙස කේරළ ගංජා තොගය සහිත ටෝලර් යාත්‍රාව අතහැර පලා ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.








