(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තුවේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට එරෙහිව යම් චෝදනාවක් හෝ පැමිණිල්ලක් ඇත්නම් ඒවා පොලිස් මූලස්ථානයේ අලුතින් ස්ථාපිත කරන ලද විශේෂ පොලිස් ඒකකයට ලබා දිය හැකි බව කථානායක කරූ ජයසූරිය මහතා සදහන් කළේය.
පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී ඒ සම්බන්ධ යෝජනාව අනුමත කළ බව කථානායකවරයා අද (06) රැස්වූ පාර්ලිමෙන්තු සභාවට දැනුම් දුන්නේය.








