(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ දියණිය ඔනෙලා කරුණානායක අද (06) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමීණී බව එම පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
කරුණානායක මහතාගේ පවුලේ සාමාජිකයන්ට අයත් ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් පෞද්ගලික සමාගමට අයත් ආදායම් වියදම් විස්තර හා බැංකු ගිණුම් විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ලබාදීම සඳහා ඇය පැමිණ ඇති බව පැවසේ.
එසේම අද (06) දින රවී කරුණානායක මහතාටත් එහි පෙනී සිටින ලෙස දැනුම් දී ඇති බව කියැවේ.








