(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොළඹින් බැහැර ප්‍රදේශ වෙත රුධිරය, එන්නත් ආදී හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සැපයීමේදී ප්‍රායෝගික දුෂ්කරතා රැසක් මතුව ඇති බව කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා සදහන් කරයි.
පාස්කු ත්‍රස්ත ප්‍රහාරය අවස්ථාවේ දිවයිනේ රෝහල් කිහිපයකටම හදිසියේ රුධිරය සහ එන්නත් ආදිය අවශ්‍ය වූ බවත්, එවැනි අවස්ථාවකදී ඉක්මනින් රුධිරය, ඖෂධ සහ එන්නත් ආදිය සැපයීමට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගතහැකි බවත් ඒ මහතා සදහන් කර සිටී.
හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස සිය අත්දැකීම් ඔස්සේ අදහස් දැක්වූ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා සඳහන් කළේ සාමාන්‍යයෙන් හෘද රෝගියෙකුගේ ජීවිතය බේරා ගැනීම පළමු පැය හෝ දෙක තුළ කෙරෙන හදිසි ප්‍රතිකාර මත තීරණය වන බවයි.
දිවයිනේ පහසුකම් අඩු රෝහල් වලට ඇතුළත් වන හෘද රෝගීන් සඳහා අවශ්‍ය හදිසි ප්‍රතිකාර සඳහා වන සෞඛ්‍ය පහසුකම් සැපයීමේදී ප්‍රායෝගිකව මෙම ගැටළුවට මුහුණ දෙන බව හෙතෙම අවධාරණය කරයි.
ඩ්‍රෝන තාක්ෂණය භාවිත කිරීමේ වාසි පිළිබඳව සඳහන් කළ වෛද්‍යවරයා පෙන්වා දුන්නේ මෙම තාක්ෂණය යොදාගනිමින් ඉතා කඩිනමින් පැයක් හෝ දෙකක් තුළ දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පිහිටි රෝහලක් වෙත එන්නත්, රුධිරය වැනි දේ සැපයීමේ හැකියාව ඇති බවයි.








