(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (06) පෙරවරු 7.30 ට පමණ අකුරැස්ස – තලහගම – ගොනකමුල්ල ප්‍රදේශයේදී අනවසරයෙන් අදින ලද විදුලි රැහැනක ගැටී පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසය ප්‍රකාශ කරයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ අවුරුදු 45, 56 සහ 76 යන වයස්වල පසුවන තලහගම ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක්.








