FAST NEWS

24×7 Around the Globe

නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමග නායයෑමේ අවධානම

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නිරිතදිග මෝසම දිවයින හරහා ස්ථාපනය වෙමින් පවතින හෙයින් දකුණ සහ සබරගමුව පළාත්වලට මෙන්ම කළුතර දිස්ත්‍රික්කයට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිරිතදිග මෝසම සක්‍රීය වීමත් සමග ඇතැම් ප්‍රදේශ නායයාමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කරයි.

එම සංවිධානයේ අධ්‍යක්ෂ, ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා පැවසුවේ අවධානම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව මේ පිළිබදව දැඩි විමසිලිමත් විය යුතු බවයි.