FAST NEWS

24×7 Around the Globe

කැළණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යන කටයුතු අද (06) සිට යළිත්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තාවකාලිකව වසා දැමුණු කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර සෙසු පීඨවල අධ්‍යයන කටයුතු අද (06) සිට යළිත් ආරම්භ වේ.

විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක නව ආරක්ෂක වැඩපිළිවෙලට අනුකූලව කටයුතු කිරීමට සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය නියෝජිතයින්ගේ එකඟතාවය පළ කිරීම නිසා යළි මෙලෙස විශ්වවිද්‍යාලය විවෘත කරන බව එහි පාලන අධිකාරිය සඳහන් කළේය.

පසුගිය 30 වනදා එම විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය විසින් ක්‍රියාත්මක කළ නව ආරක්ෂක වැඩපිළිවෙලට සිසුන් බාධා එල්ල කිරීම හේතුවෙන් අදාළ පීඨයන් තාවකාලිකව වසා දැමුණි.