තමන් ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කරන බවත් ඒ අනුව විපක්ෂ නායක ධුරය පිළිබඳව කථානායකවරයා සමග යළි සාකච්ඡා කරන බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රණතුංග මහතා සඳහන් කළේය.
විපක්ෂ නායකධුරයට අදාළව නිර්මාණය වුණු අර්බුදය තවමත් පවතින බැවින් එළඹෙන 22 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ පසුව කථානායක කරු ජයසූරිය මහතා සමග දීර්ඝව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද රණතුංග මහතා ප්‍රකාශ කළේය.
එසේම මෙම ගැටලුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ අවධානයට යොමු කරවන බවත්, ඔහු සඳහන් කළේය.
මිනුවන්ගොඩ, උඩුගම්පොළ පක්ෂ කාර්යාලයේදී පැවැති උත්සවයකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.
“විපක්ෂ නායකයා තෝරා ගැනීම විපක්ෂයට බාරදෙනබව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ නායකයන් හමුවූ අවස්ථාවේදී අපේ පක්ෂයේ සභාපතිවරයා ප්‍රකාශ කළා. ඒ අනුව කුමාර වෙල්ගම මන්ත්‍රීතුමා විපක්ෂ නායකයා ලෙස නම් කරන්නැයි ඉල්ලා මන්ත්‍රීවරු 57 දෙනෙක් අත්සන් කළ ලිපියක් අපි සභාපතිවරයාට බාරදුන්නා. නමුත් ඒ අනුව කටයුතු කෙරුණේ නැහැ. කථානායකවරයා ප්‍රකාශ කළා සන්ධානයේ ලේකම්වරයා විපක්ෂනායකවරයා ලෙස නමක් යෝජනා නොකරන බව දැනුම් දී තිබුණා කියලා. මේක සන්ධානයේ සභාපතිවරයා සහ ලේකම්වරයා අතර සන්නිවේදනයේ ගැටලුවක්. ඒ නිසා 22 වැනිදා නැවත පාර්ලිමේන්තුව රැස්වුණාම කථානායකවරයා සමග මේ ගැන සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පවසා සිටියේය.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.