(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තෙවන දිනට අද (06) පෙරවරු 11 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතව ඇත.
ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු අද (06) කාරක සභාව හමුවට පැමීණිමට නියමීතය.
මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පළමුවරට පසුගිය 29 වනදා රැස්වූ අතර එහිදී ආරක්ෂක ලේකම්වරයා සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීයා සාක්ෂි ලබා දුන්නේය.
දෙවන දිනය වූ පසුගිය 04 වනදා රැස්වූ එම කාරක සභාව හමුවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරීන් සිව් දෙනෙකුට පෙනී සිටින ලෙස දැනුම්දී තිබුණි.
නමුත් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදුන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා පමණයි.








