FAST NEWS

24×7 Around the Globe

ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා හා අග්‍රමාත්‍යවරයා අතර හමුවක්

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඕස්ට්‍රේලියානු අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩට්න් මහතා පසුගියදා (04) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවු බව අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු රට යළි සාමාන්‍ය තත්වයට පත් කරලීම සඳහාත්, ගෝලීය ත්‍රස්තවාදය මැඬපැවැත්වීම සඳහාත් සිය සම්පූර්ණ සහය ලබා දීමට කටයුතු කරන බව පීටර් ඩට්න් මහතා මෙහිදී අවධාරණය කර තිබේ.

මිනිස් ජාවාරම්කරුවන් විසින් සිදු කරනු ලබන අනවසර සංක්‍රමණික ව්‍යාපාරය වැළැක්වීම සම්බන්ධයෙන්ද මේ සාකච්ඡාවේදී අදහස් හුවමාරු කර ගත් බවද එම ඒකකය කියයි.

එසේම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට ඔස්ට්‍රේලියාවේ සංචාරයක යෙදෙන මෙන් ඔස්ට්‍රේලියානු රජය විසින් කළ ආරාධනයක්ද මෙහිදී ඉදිරිපත් කර තිබේ.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලි , මිනිස් ජාවාරම් වැලැක්වීම පිළිබඳ ඕස්ට්‍රේලියානු රජයේ තානාපතිබ්‍රයිස් හචසන්, සෛවරී දේශ සීමා මෙහෙයුමේ අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් ක්‍රෙග් ෆුරිනි සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක්ද සහභාගි වූ බව අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.