FAST NEWS

24×7 Around the Globe

මුහුදු රළ ඉහළ යයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව මුහුදු රළ මීටර් 2. 5 ක් හෝ මීටර් 03 ක් දක්වා ඉහළ යා හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.

මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් ද පවතින අතර, ධීවර සහ නාවික ප්‍රජාව මෙන්ම වෙරළබඩ ජනතාව මේ පිළිබදව අවධානයෙන් කටයුතු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළා.