FAST NEWS

24×7 Around the Globe

රිය අනතුරුවලින් ජීවිත අහිමි වෙන සංඛ්‍යාවේ විශාල අඩු වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පසුගිය වසරවලට සාපේක්ෂව මේ වසරේ මාරක රිය අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාවේ විශාල අඩුවක් ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව සදහන් කරයි.

දැනට ඇති සංඛ්‍යා ලේඛන අනුව 2019 වසරේ මාර්තු අවසන් වන විට මාර්ග අනතුරුවලින් මිය ගිය සංඛ්‍යාව 698 කි.

2018 වසරේ එම සංඛ්‍යාව 849 ක් ලෙස සටහන් විය.

ඒ අනුව මාර්ග අනතුරුවලින් මිය යන්නන්ගේ සංඛ්‍යාව 151 කින් අඩුවී ඇති අතර , එය සාධනීය ප්‍රවණතාවක් බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසීය.