FAST NEWS

24×7 Around the Globe

සාලාව අවි ගබඩාව පිපිරී අදට වසර තුනයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කොස්ගම – සාලාව අවි ගබඩාව පිපිරී අදට වසර 03 ක් ගතවී ඇත.

මේ වනතෙක් එම පිපිරීමෙන් විපතට පත්වූවන්ගේ ගැටළු ආණ්ඩුව විසින් විසදා අවසන් කර නොමැති බව සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව පවසයි.

එහි ලේකම් චන්දන සූරියආරච්චි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ , පසුගිය 2016 වර්ෂයේ ජුනි මස 05 වනදින පස්වරුවේ සාලාව යුද හමුදා කදවුරේ අවි ගබඩාව පිපිරීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් 47 දෙනෙකු තුවාල ලැබූ බවත් , ග්‍රාම සේවා වසම් 13ක ජනතාවට මේ නිසා විවිධ මට්ටමේ ගැටලුවලට මුහුණ දෙන්නට සිදුවූ බවත්ය.

ප්‍රදේශයේ නිවාස 300 ක් සම්පූර්ණයෙන්ම විනාශ වූ අතර පසුව යුද හමුදාව විසින් ඒවා යළි ඉදිකරදෙනු ලැබූ බවත් ඔහු කියා සිටියේය.

රජය සහ තක්සේරු දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් සිදුකරපු මැදිහත්වීමේ දුර්වලතා නිසා ජනතාවට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවත් චන්දන සූරියආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.