(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්වරුන්ට පාස්කු ඉරුදින ප්‍රහාර පිළිබඳ කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ හෙට (06) දිනයේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇත.
පාස්කු ඉරුදින ප්‍රහාර සමඟ එල්ලවූ චෝදනා හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා එම තනතුරින් ඉල්ලා අස්වූ අතර හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතා ජනාධිපතිවරයා විසින් අනිවාර්ය නිවාඩු යවනු ලැබීය.








