FAST NEWS

24×7 Around the Globe

පාස්කු ඉරිදා ප්‍රහාරය විමර්ශණයට ඕස්ට්‍රේලියානු කණ්ඩායමක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් 21 දිවයිනට එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන වෝහාරික පරීක්ෂණ සඳහා 20 දෙනෙකුගෙන් යුත් ඕස්ට්‍රේලියානු නිළධාරීන් කණ්ඩායමක් එක්ව සිටින බව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩට්න් මහතා කියා සිටියේය.

මෙරට නිල සංචාරයක නිරතව සිටින පීටර් ඩට්න් මහතා මෙම අදහස් පළකලේ ඊයේ (04) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ වනවිටත් ඔවුන් කොළඹ රැඳීසිටිමින් අදාළ පරීක්ෂණ සඳහා සහයවෙමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

අදාළ බෝම්බ ප්‍රහාරය සිදුවීමත් සමග ඕස්ට්‍රේලියා ෆෙඩරල් පොලිසිය ශ්‍රී ලංකා බළධාරීන් සමග පරීක්ෂණ සිදුකල බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ.