(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ලෝ පුරා විසිරී සිටින සියලුම ඉස්ලාම් ජනතාව ඉමහත් බැතියෙන් සමරනු ලබන රාමසාන් හෙවත් ඊදුල් ෆිතර් උත්සවය අද (05) දිනයට යෙදී තිබේ.
පුරා මාසයක් උපවාස ශීලය රැකිමෙන් පසු නව සද දැකිමත් සමග ඇරඹෙන රාමසාන් උත්සවය මුස්ලිම් ජනතාවට ආගමික වශයෙන් සුවිශේෂි දිනයක්.
ලොව පුරා මුස්ලිම් ජනතාව රාමසාන් උත්සවය සමරන්නේ සහෝදරත්වය, සමානාත්මතාවය හා සහජීවනය යන පරමාර්ථ පෙරදැරි කර ගනිමින්ය.
ඊයේ (04) නවසඳ දැකිම පසු අද උපවාසය අත්හැරිය හැකි බවට කොළඹ මහ පල්ලිය දැනුම්දීමෙන් පසු රාමසාන් උත්සවය අද (05) පැවැත්වෙන බවයි.
ජාතික සමගිය සඳහා වන අන්තර් ආගමික සංවිධානයේ සම සභාපති කොළඹ මහ පල්ලියේ හසන් මවුලානා පූජකවරයා පැවසුවේය.








