FAST NEWS

24×7 Around the Globe

සුළි කුණාටුවලට නම් දෙන්න දැන් මහජනතාවටත් අවස්ථාව

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – උතුරු ඉන්දීය සාගරයේ සිට හටගන්නා සුළි කුණාටුවලට මහජනතාවගෙන් නම් යෝජනා කැඳවීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ.

ජුනි 15 වනදාට පෙර මෙම නම් එවිය යුතු වේ.

එම නාම යෝජනාවන් , අධ්‍යක්ෂ ජනරාල් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට එවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

එම නම් ඉදිරිපත් කිරීමේදී,

යම් දේශපාලන, දේශපාලන චරිත, ආගමික විශ්වාස, සංස්කෘතික වැනි දෑ ඉලක්ක නොකල යුතු අතර ඒවාට හානි නොවිය යුතුය.

ස්ත්‍රී / පුරුෂ විශේෂත්වයක් නොමැත

ලෝකයේ ඇති කුමන හෝ ජන කොටසකගේ මනෝභාවයන්ට හානි නොවිය යුතුය

රළු හෝ කෘර හෝ ස්වාභායක් නොගත යුතුය

උච්ඡාරණයේදී පහසු විය යුතු අතර එම නම් ඉංග්‍රීසි බසින් ලිවීමේදී උපරිම අකුරු 08 කට සීමා විය යුතුය.