(ෆාස්ට් නිව්ස් – කොළඹ) – “මඩකලපුව ශරියා උපාධි කඩය වසා දමන්න යැයි” මැයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසළින් අරඹා තිබේ.
විරෝධතාකරුවන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට පැමිණ එහිදී සිය විරෝධතාව දැක්වීමට නියමිතය.
සිසුහු 500 ක් පමණ දෙනා මේ සඳහා සහභාගී වි සිටින බවත් මෙම තත්වය මත කොළඹ කොටුව මරදාන අතර ප්‍රදේශයේ මාර්ගයන්හි රථ වාහන තදබදයක් ඇතිව පවතින බව වාර්තා වේ.








