FAST NEWS

24×7 Around the Globe

දිනකට ගැබ්ගෙල පිළිකා රෝගීන් තිදෙනෙක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගැබ්ගෙල පිළිකා ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

දැනට දිනකට ගැබ්ගෙල පිළිකා රෝගීන් තිදෙනෙක් සොයා ගැනෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

ශ්‍රි ලංකාවේ කාන්තාවන් අතර ඇති පිළිකා රෝග වලින් 03 වන ස්ථානයට පත්ව ඇත්තේ ගැබ්ගෙල පිළිකා තත්ත්වය වේ.

මුල් අවස්ථාවේදීම මෙහි රෝග ලක්ෂණ හඳුනා ගැනීමෙන් ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් මෙම රෝග නිට්ටාවටම සුව කර ගැනීමේ හැකියාව පවතින බව ද සඳහන් වේ.

අනාගතයේ සිදු විය හැකි ගැබ්ගෙල පිළිකා තත්ත්වය වැළැක්වීම පාසල් වියේදිම දරුවන්ට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙල මඟින් HPV එන්නත ලබාදීම ආරම්භ කර ඇත.