FAST NEWS

24×7 Around the Globe

අවුරුදු 10ක 15ක් පැවැතෙන ප්‍රතිපත්ති සකස්කළ යුතුයි – අගමැති.

ඇමති මණ්ඩලය අමතා අගමැති කතාව කෙටියෙන්.

මේ රටේ දේශපාලන පක්ෂ දේශපාන වාසි අමතක කර ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න අපි අවුරුදු දෙකකට එකතුවුණේ අලුත් ක්‍රමයක් සාර්ථකව අත්හදා බලන්න. මේ කාලය අපිට ඇති. මේ එකගත්වය නිසා විදේශ ප්‍රශ්න වලට මුහුණ දේන පුලුවන් අභ්‍යන්තර ප්‍රශ්න විසදන්න පුළුවන්.

මේ රටේ මූලික ප්‍රශ්නවලට විසදුම් දෙන්න අවස්ථාව ලැබුණා. අවුරුදු 10ක 15ක් පැවැතෙන ප්‍රතිපත්ති සකස්කළ යුතුයි.

පාර්ලිමේන්තුවම මේකට එකතු කර ගන්න කාරක සභා පත්කරනවා. ජාතික ආණ්ඩුවක් ඇතිකරන්නේ විශාල ප්‍රශ්නයක් තියෙන අවස්ථාවකයි.

අලුත් විදියට වැඩ කරන්න ඕන. රටට වෙනසත් ඇතිවෙනවා කියන බලාපොරොත්තුව ඉෂ්ට කරන්න ඕන. අපි සාර්ථක වෙනවානම් රට සාර්ථක වෙනවා.

අපි නොබියව අනාගතයට මුහුණ දෙමු