(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතීන් වශයෙන් ගැටුම් ඇතිකරගත හොත් රට විනාශයට පත්වන අතර සියලුදෙනා සහෝදරත්වයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් යුතුව කටයුතු කරමින් රටේ සාමය ආරක්ෂා කර ගැනීමට කැපවිය යුතු බව ජනාධිපතිතුමා ඉස්ලාම් බැතිමතුන් වෙනුවෙන් ඊයේ (03) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ පැවති ජාතික ඉෆ්තාර් උත්සවය අමතමින් සදහන් කළේය.
ඉස්ලාම් ආගමික නායකයන් සහ ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මීට එක්ව සිටියහ.
රට තුළ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය පිළිබඳව ද අවබෝධයෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරමින් ප්‍රශ්න විසඳාගැනීම ඉතා වැදගත් වන අතර, රට තුළ මතුව ඇති තත්ත්වය සාමකාමී ලෙස සමනය කර ගැනීමට රජයක් ලෙස ගත හැකි සෑම පියවරක් ම ගන්නා බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
අන්තවාදී සහ ත්‍රස්තවාදී ක්‍රියා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, රටේ සියලු ජනකොටස්වලට සාධාරණ සමාජයක නිදහසේ ජීවත්විය හැකි පරිසරයක් ගොඩනැගීමට රජය කැපවී සිටින බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
මෙම උත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ එකිනෙකා දෙස වෛරයෙන් සහ සැකයෙන් බැලීම සිදුවන තාක් රටේ ජාතික සමඟිය ගොඩනැඟිය නොහැකි බවයි.
රට තුළ මතුව ඇති තත්ත්වය හමුවේ සියලු ජනකොටස්වල සහ ආගම්වල ගරුත්වය ආරක්ෂා කරමින් සියලුදෙනාට සාධාරණය ඉටුකිරීම වෙනුවෙන් ජනාධිපතිතුමා ගන්නා උත්සාහය අගය කළ ඉස්ලාම් ආගමික නායකයෝ ඒ පිළිබඳ සිය ප්‍රශංසාව ජනාධිපතිතුමා වෙත පළ කළහ.








