(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජනතාව නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන්, කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා මීට සුළු මොහොතකට පෙර අරලියගහ මන්දිරයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.
අග්‍රමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බව රවුෆ් හකීම් මහතා වැඩි දුරටත් කියා සිටියේය.








