(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අත්අඩංගුවට ගත් රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 03 දෙනා මේ මස 06 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කරනු ලැබීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපකීර්තියට පත්වන අයුරින් සහ රාජ්‍ය විරෝධී මෙන්ම ජාතීන් අතර අසමගිය ඇතිවන වචන ඇතුළත් ලිපි 600 ක් සමගින් පසුගිය මැයි මස 02 වනදා මෙම පිරිස අත්අඩංගුවට ගත්තේය.








