(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නියෝජ්‍ය නායක මධුමාධව අරවින්ද මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ලබන 13 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.
පොලිසිය විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා මධුමාධව අරවින්ද මහතා විසින් මෙම පෙත්සම ගොනුකරනු ලැබීය.
මෙම පෙත්සම අද (03) සිසිර ද ආබෲ, එල්.ටී.බී දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගැන ලැබුවේය.
මධුමාධව අරවින්ද මහතා සඳහන් කර සිටින්නේ ඉකුත් දා මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇතිවූ කලහාකාරී සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අයුක්ති සහගත ලෙස තමන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවයි.








