(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කොටහේන බ්ලූමැන්ඩල් පටුමග නිවසකදී පසුගියදා වයෝවෘද්ධ වෛද්‍යවරයෙකු ඝාතනය කළ සිද්ධියට සම්බන්ධව සැක පිට පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාරායලය පවසයි.
එම සැකකරුවන් අතර බාලවයස්කාර දරුවන් දෙදෙනකු සිටින බවද පැවසේ.
ඔවුන් විසින් ද්‍යෛවරයා ඝාතනය කර නිවස කොල්ලකා රැගෙන ගිය මුදල්,ලැප්ටොප් පරිගණකයක්,අත්ඔරලෝසුවක් ඇතුළු භාණ්ඩ රැසක් සොයා ගෙන තිබේ.
අදාළ සැකකරුවන්ගෙන් පැය 72 ක රැදවුම් නියෝගය මත ප්‍රශ්න කිරිම් සිදු කෙරෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් පැවසීය.








