ගෙවී ගිය මාස අටක කාල සීමාව තුළ රටේ දේශපාලනයේ නව අත්දැකීම්වලට මුහුණ දීමට සිදුවූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
නව ඇමති මණ්ඩලය දිව්රුම් දීමේ උත්සවයට එක්වෙමින් තවදුරටත් අදහස් දැක් වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා.
මාව පොදු අපෙක්ෂක ලෙස සහාය දුන් පක්ෂ රාශියක් ලබාදුන් ජනවරම තුළ කටයුතු කළ දින 100ක තාවකාලික ආණ්ඩුවේදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තිබුණේ සන්ධානයටයි.
අපගේ දින 100 තිබු නව අයවැය යෝජනා හා 19 වැනි සංශෝධනයට සන්ධාන සහාය දුන්නා. අපි ජාතික ආණ්ඩුවක් හැදීමට තාවකාලික ආණ්ඩුවේදී යම් ප්‍රයන්තයක් දැරුවා එය සාර්ථක වුණා.
අපි ජාතික රජයක් හදන්න කළ ආරාධනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්වුණා.
අපි පසුගිය අතීත අත්දැකීම් ගත් විට ගෙවීගිය දශක කිහිපයක අමාත්‍ය මණ්ඩලයක් තෝරා ගැනීමේදී සංකිරණ තත්ත්වයක් අතීතයේදී පැනනැගුණා.
2010 තුනෙන් දෙකක බලයක් ලැබිලත් අමාත්‍ය මණ්ඩලය තෝර ගැනීමේදි ගැටලු තිබුණා. ඒ අත්දැකීම් අපට තිබෙනවා වගේම ප්‍රධාන පක්ෂ දෙකෙන් ආණ්ඩුවක් හදන වි ගැටලු සංකීර්ණ ස්වාභාවය කොතෙක්ද කියා තේරීම් ගැනීම අවශය ආමත්‍යධුර, රාජ්‍ය අමාත්‍යධුර, හා නියෝජ්‍ය අමාත්‍ය ධුර තෝරාගනිත්දි ගැටලු ලැබුණත් දැක්වූ සහයෝගයට ස්තූතියි.
ඇමතිධුර ලැබුණ අය හිතන්නේ ලැබුණ ආයතන ගැන නොලැබුණ අය හිතන්නේ නොලැබුණ දේ ගැනයි.
ලැබණ අයයි නොලැබුණ අයයි සතුටු කිරීම අපහසුයි. පාර්ලිමේන්තුවේ 225න් බහුතරයක් රජය සමග කටයුතු කරනවා.
අමාත්‍යධුර වලින් පමණක් නෙමෙයි දිස්ත්‍රික් සංවර්ධන සභාපති ධූර තනතුරු, කාරක සභා හා ඊට අනුබද්ධ ආයතන ගණනාවක්, විමධ්‍ය ගත මුදල් බෙදීමේදි සෑම දෙනෙකුටම සමාන බෙදී යන අයුරින් කටයුතු කරනවා.
දේශපාලඥයින්ද රහසින්වත් පවු නොකළ යුතුයි. රහසේ කළත් එය පැහැදිලිවම ජනතාව අතරට යනවා.
රහසේ කළත් එළිපිට කළත් වැරැද්දක් කියලා ජනතාව දන්නවා දූෂණ අක්‍රමිකතා පිටුදැකීමට ජනතාව බලාපොරොත්තු වෙනවා.
අගමැතිතුමත් මමත් පොදු කොමිටයක් පත්කරලා රාජ්‍ය ආයතනවලට පුද්ගලයින් පත්කිරීමේ සුදුසු පුද්ගලයින් පත්කරනවා. ආයතනවලට පත්කිරීම් කිරිමේදී ඒ කොමිටියෙන් පත්කරනවා.
නමුත් ඇමතිවරුන්ට ඉල්ලිමී කරන්න පුලුවන්. වඩාත්ම සුදුසු පුද්ගයින් පත්කිරිමට කටයුතු කරනවා. වසර හතරහමාරක් යනකම් ආණ්ඩුව විසුරුවන්න බෑ.
මේ මන්ත්‍රී මණ්ඩලයම තමයි අවුරදු පහක් පාර්ලිමේන්තුවේ ඉන්නේ. අවුරුද දෙක ගතවූ පසුව ඉදිරියේදි කරන්නේ මොනවද කියලා හිතන්න පුළුවන්.
wpengine
Website:
This is the "wpengine" admin user that our staff uses to gain access to your admin area to provide support and troubleshooting. It can only be accessed by a button in our secure log that auto generates a password and dumps that password after the staff member has logged in. We have taken extreme measures to ensure that our own user is not going to be misused to harm any of our clients sites.