(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ දිවයිනේ සියලු සුරාසැල් මේ මොහොතේ වසා දමන්නැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා සුරාබදු කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
පවතින තත්ත්වය හමුවේ පුද්ගලයින් බීමත්ව හැසිරීම ආරක්ෂක කටයුතු නිසි ආකාරයෙන් පවත්වා ගෙන යෑමට තර්ජනයක් වී ඇති බව ඔහු අද (03) ලිපියක් යොමුකරමින් පෙන්වා දී ඇත.
මෙම කාලසීමාව තුළ සුරාසැල් වසා තැබීම තුළින් තත්ත්වය පාලනය කිරීම සඳහා මනා පිටුවහලක් ලැබෙනු ඇතැයි ද , එබැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ද සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගෙන් මෛත්‍රී ගුණරත්න මහතා ඉල්ලා තිබේ.








