FAST NEWS

24×7 Around the Globe

”රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහන මුලතිව් දිස්ත්‍රික්කයේ අද ඇරඹේ

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රට වෙනුවෙන් එකට සිටිමු සංවර්ධන වැඩසටහන මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ හයක් ඉලක්ක කරගනිමින් අද (03) ආරම්භ වේ.

මෙම ජාතික වැඩසටහන 08 වැනි දින දක්වා පැවැත්වෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් කාර්යාලයේ සම්බන්ධීකරණයෙන් රට වෙනුවෙන් එකට සිටිමු දීප ව්‍යාප්ත සංවර්ධන වැඩසටහන් මලාව ක්‍රියාත්මක වන අතර , ජනාධිපති කාර්යාලය සහ විවිධ අමාත්‍යංශ යටතේ ක්‍රියාවට නංවා ඇති සංවර්ධන ව්‍යාපෘති සහ සමාජ සුභසාධන වැඩසටහන් වඩා සක්‍රිය කරමින් ජනතාවට උපරිම ප්‍රතිලාභ ලබාදිම මෙහි අරමුණයි.

තුනුක්කායි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මල්ලාවි රෝහලේ රුපියල් මිලියන 37 ක වියදමින් ඉදිකර ඇති වකුගඩු රෝගි සහන මධ්‍යස්ථානයද ලබන 08 වැනිදා ජනාධිපතිතුමා අතින් විවෘත කෙරේ.