FAST NEWS

24×7 Around the Globe

ගාල්ල දිස්ත්‍රික්ක පුරා හෙට (03) සිට ඩෙංගු මර්දන වැඩසටහනක්

 

(ෆාස්ට් නිව්ස් –  කොළඹ) – ගාල්ල දිස්ත්‍රික්කය පුරා හෙට (03) සිට ලබන සෙනසුරාදා දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළාය.

දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බවත් ,ඒ හේතුවෙන් හෙට (03) සිට එ ආශ්‍රිතව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්ම කෙරෙන බවද ඇය පැවසුවාය.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු මිය ගොස් ඇති අතර වාර්තා වන ඩෙංගු රෝගින් සංඛ්‍යාව 18,740 ක් වන බවද පැවසේ.