(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශ මේජර්වරයෙකු ලෙස තමන්ව හඳුනා ගනිමින් කටයුතු කල සැකකරුවෙක්, මොරටුව සොයිසාපුර නිවාස සංකීර්ණයේදි පොලිස් විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසයේ විශේෂ කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අත්අඩංගුවට පත් සැකකරු මොහොමඩ් නිසාර් ඉම්රාන් නොහොත් ජෝන් වෝල්ක් යන නමින් හැඳින්වෙන බවද පැවසේ.
සැකකරුත් සමග ජංගම දුරකතනය, කැමරා දෙකක්, වයිෆයි ඩ්‍රෝන කැමරාවක්, ලැප්ටොප් පරිගණක දෙකක්, කඩුවක් හා හමුදා ටී – ෂර්ට් තුනක්ද විශේෂ කාර්ය බළකා බාරයට ගෙන ඇත.
අක්කරේපත්තුවේ පදිංචි මෙම 26 හැවැරිදි සැකකරු ව්‍යාජ නම් භාවිත කරමින් අන්තවාදී කටයුතු වලටඑක්ව ඇති බවට පොලිස් විශේෂ කාර්ය බළකාය තහවුරු කරගෙන ඇති බවත් එම කාර්යාලය කියයි.








