FAST NEWS

24×7 Around the Globe

බන්ධනාගාර බුද්ධි අංශ මෙහෙයුම් පුළුල් කෙරෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බන්ධනාගාරවල බුද්ධි අංශ මෙහෙයුම් පුළුල් කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ඩබ්ලිව්.ජේ තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

බන්ධනාගාර 32 ක්, කාණ්ඩ 3 කට වෙන් කර එම මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව එ මහතා කීය.

ඒ කාණ්ඩයට දරුණු ගණයේ අපරාධකරුවන් රඳවා ඇති වැලිකඩ, මැගසින්, ගාල්ල, කළුතර සහ දුම්බර බන්ධනාගාර අයත් බවත් , එම බන්ධනාගාර ආශ්‍රිතව සිදු කරන මෙහෙයුම් කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇතැයි එ මහතා ප්‍රකාශ කළේ ය.

සී කාණ්ඩය යටතේ නම් කර ඇති බන්ධනාගාරවලට අයත් වන්නේ කුරුවිට සහ වටරැක බන්ධනාගාර බවත් සෙසු බන්ධනාගාර බී කාණ්ඩය යටතට නම් කර තිබේ.

පසුගිය අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු බන්ධනාගාර බුද්ධි අංශ මෙහෙයුම් අඩාලවී තිබු අතර නැවත එම මෙහෙයුම් සක්‍රිය කළේ, මීට දින කිහිපයකට පෙර බව ද ඔහු පැවසුවේය.

බන්ධනාගාර තුළ රඳවා සිටින රැඳවියන් සහ සිරකරුවන් හමුවීමට එන ඥාතීන් හඳුනාගැනීම සහ බන්ධනාගාර අභ්‍යන්තරයේ ඇති නීති විරෝධි ද්‍රව්‍ය හඳුනා ගැනීම බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට අයත් ප්‍රධාන කාර්යයන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ඩබ්ලිව්.ජේ තෙන්නකෝන් මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.