(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා නිල වශයෙන් හඳුන්වාදීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික සම්මේලනයේදී සිදුකෙරෙන බවට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.
එම ජාතික සමුළුව ලබන සැප්තැම්බරයේ හෝ ඊට පෙර පැවැත්වෙනු ඇතැයිද හෙතෙම පැවසීය.
පසුගියදා පැවති පක්ෂනායක සමුළුවේදී තම සන්ධානයේ සිටින ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයන් පිරිසක් පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂකයා ඉක්මනින් ප්‍රකාශයට පත් කරන ලෙස තමන්ගෙන් ඉල්ලා සිටි බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.
එ.ජා.ප.යද තවමත් සිය අපේක්ෂකත්වය හඳුන්වා දී නැති බැවින් ඒ සඳහා සිය පක්ෂය නිශ්චිත මොහොතේ සුදුසු පියවර ගන්නා බවත් දැනටමත් පක්ෂය තුළ ඒ ගැන මූලික අදහසක් ඇතැයිද රාජපක්ෂ මහතා වැඩි දුරටත් පැවසීය.








