FAST NEWS

24×7 Around the Globe

මාස 3 කට පසු කරච්චි නුවරට ශ්‍රී ලංකාවෙන් ප්‍රථම ගුවන් යානය අද ගමන් අරඹයි.

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මාස 3 කට පසු පාකිස්ථානයේ කරච්චි නුවර වෙත ශ්‍රී ලංකාවෙන් ප්‍රථම ගුවන් යානය අද (1) පස්වරු සිට යළි ක්‍රියාත්මක වීම ආරම්භ විය.

පාකිස්තානය සහ ඉන්දියාව අතර හටගත් යුධමය වාතාවරණය හේතුවෙන් පාකිස්තාන රජය තාවකාලිකව ගුවන් කලාපය වසා දැමීම හේතුවෙන් මෙම ගුවන් ගමන් අත් හිටුවා තිබුණි.

පාකිස්තානයේ කරච්චි නුවර වෙත ප්‍රථම ගුවන් යානය අද දහවල් 12.20 ට කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගිය අතර, එය කරච්චි නුවර වෙත පස්වරු 3.10 ට ළගා වීමට නියමිතයි.

පසුව එම ගුවන් යානය යළිත් පස්වරු 4.10 ට කටුනායක ගුවන්තොටුපල බලා පිටත් වනු ඇති.

මේ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවය ඒ – 320 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් යොදවා තිබූ අතර එහි මගීන් 166 ක් කාර්ය මණ්ඩලයේ 8 දෙනෙකු ගමන් ගත්හ .