(ෆාස්ට් නිව්ස් – කොළඹ) – වැල්වැටිතුරෙයි – උඩුප්පිටිය ප්‍රදේශයේ ඊයේ (31) යතුරුපැදියක් නවත්වා සිදුකළ පරීක්ෂා කිරීමකදී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 500ක් සහ ගංජා ග්‍රෑම් 4ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලීසිය පවසයි.
සැකකරු මත්ද්‍රව්‍ය අලෙවි කර උපයා ගන්නා ලද රුපියල් ලක්ෂ හතහමාරකට ආසන්න මුදලක්ද පොලිස් භාරයට ගත් අතර අත්අඩංගුවට ගත් සැකකරු උඩුප්පිටිය, පල්ලිය පාරේ පදිංචි 22 හැවිරිදි තරුණයෙකි.








