(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ දෙවන පදවි ප්‍රාප්ත උළෙලට සහභාගීවීමෙන් පසු ඉන්දියාවට ගොස් සිටි ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස මෛත්‍රීපාල සිරිසේන ඊයේ (31) රාත්‍රියේ යළි දිවයිනට පැමිණ තිබේ.
ඔවුන් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් – 196 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය.








