FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – සම්මානලාභී ප්‍රවීණ රංගන ශිල්පිනී චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය අභාවප්‍රාප්ත වි තිබේ.

අභාවප්‍රාප්ත වන විට ඇය 83 වන වියෙහි පසු වුවාය.

කෝපිකඩේ ටෙලිනාට්‍ය ආරම්භයේ සිටම ඊට රංගනයෙන් දායක වූ චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය එදා මෙදාතුර ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය ලබා දී ඇත.

ගැහැණු ළමයි චිත්‍රපටය සදහා වාකිෂ්ඨ මහත්මිය කළ රංගනය වෙනුවෙන් ජනාධිපති සම්මානයෙන් ද පිදුම් ලැබීය.

චිත්‍රා වාකිෂ්ඨ මහත්මිය ස්වාධීන රූපවාහිනියේ විධායක නිලධාරියෙකු මෙන්ම ප්‍රවීණ නිවේදකයෙකු හා රංගන ශිල්පියෙකු වන ප්‍රාන් වාකිෂ්ඨ මහතාගේ මෑණියන්ද වේ.

ඒ මහත්මියගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.