(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ජුනි මාසයේදී මෙරට සංචාරය කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ජුනි මස 7-8 දෙදින තුළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මාලදිවයින් සංචාරයෙන් පසු ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව එම වාර්තා කියයි.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එරට 17 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ (30) රාත්‍රී 7 .00ට එරට ජනාධිපති නිල නිවස වන රාෂ්ටපති භවන්හිදී දිව්රුම් දුන්නේය.








