(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකාවේ සියලු පාසල්වල පවතින ආපන ශාලා පරීක්ෂාවට ලක් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂ රේණුකා පිරිස් මහත්මිය පැවසුවාය.
ඇය මේ බව පැවසුවේ ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් ඊයේ (30) සංවිධානය කරනු ලැබු මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්.
ඒඅනුව, පාසල් ආපනශාලා වර්ගිකරණය A සහB ලෙසින් වර්ග කරන අතර පාසල් ආපන ශාලාවන් සඳහා ආහාර වට්ටෝරු ලබා දීමට තිරණය කර ඇති බව ඇය වැඩිදුරටත් පැවසීය.
කෙසේවෙතත් වර්තමාන දරුවන් අතර ස්ථුලභාවය වඩා සිග්‍රයන් පැතිර යන බෝ නොව රෝගයක් බව හඳුනා ගෙන ඇති බවයි සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රචාර අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම මහතා අදහස් දැක්වුවේ.
ඔහු මේ සම්බන්දයෙන් වැඩිදුරටත් කියාසිටියේ මීට වසර 10 කට පෙර තිබු තත්ත්වයට වඩා වැඩි වීමක් දක්නට ලැබෙන බවත් ඒ වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.
2016 දත්ත අනුව අවුරුදු 05 අඩු දරුවන් ගෙන් මිලියන 41 ක් ස්ථුල තාවයෙන් පොළන බව මෙම වැඩසටහනේ අදහස් දැකවූ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ වැඩ බලන අධ්‍යක්ෂ ලක්මිණී මුණසිංහ මහත්මිය සදහන් කළාය.








