FAST NEWS

24×7 Around the Globe

ජනපති නවද්දිල්ලි නුවරට ළගා වෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති උළෙලට සහභාගිවීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවර බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) දහවල් ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පිරිසක් විසින් පිළිගෙන තිබේ.

ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හි දී අද (30) පස්වරුවේ පැවැත්වෙන දිවුරුම් දීමේ උළෙලට රාජ්‍ය නායකයන් රැසක් එක්විමට නියමීතය.