FAST NEWS

24×7 Around the Globe

පාස්කු බෝම්බකරුවන්ගේ දුරකථන ඇමතුම් 1800 ක් පමණ පරීක්ෂාවට

 

(ෆාස්ට් නිව්ස්- කොළඹ) – පාස්කු ඉරිදා දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද බෝම්බකරුවන් 09 දෙනා එම ප්‍රහාරයන්ට පෙර ලබාගත් දුරකථන ඇමතුම් 1800 ක් පමණ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණ සිදු කරමීන් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය.

එසේම පුද්ගලයින් 66 දෙනෙකු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව භාරයේ සිටින බවත් තවත් පුද්ගලයින් 21 දෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාරයේ සිටින බවද හෙතෙම පැවසීය.