(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන විභාග කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන සතියේ කැඳවීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ වනවිට එහි හෙළිව ඇති තොරතුරු පිළිබඳව කරුණු විමසීමට අදාළ කැඳවිම සිදු කෙරෙන බවත් පැවසේ.
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුතු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉකුත් බදාදා සාක්ෂි විභාගය ආරම්භ කරනු ලැබීය.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන කණ්ඩායමේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට 2018 ජූනි මස 02 දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වශයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ගනු ලැබූ වරෙන්තුව සහ ඉන් පසුව අනුගමනය කළ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවත් පැවසේ.








