FAST NEWS

24×7 Around the Globe

රාජිත සේනාරත්න යළිත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධූරයට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර දී ඊයේ (29) ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විධායක කමිටු සැසිවාරයේ දී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න 2019 – 2020 වර්ෂ සදහා එම සංවිධානයේ උප සභාපතිවරයෙකු ලෙස යළිත් වරක් තේරී පත්වී ඇත.

මීට පෙර 2017 වසරේ දී ද සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපතිධූරයට පත්වූ අතර ඔහු එම සංවිධානයේ විධායක කමිටු සාමාජිකයෙකු ද වෙයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ද එක්ව සිටියහ.