(ෆාස්ට් නිව්ස් | කොළඹ) – සයිබර් ආරක්ෂණය මුවාවෙන් සමාජ මාධ්‍ය පාලනයට ආණ්ඩුව නව පනතක් ගෙන ඒමේ සූදානමක් පවතින බව ශ්‍රී ලංකා පරිවර්තන සමූහය (SLTC) සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට එල්ලවිය හැකි සයිබර් ප්‍රහාර වලින් වළක්වාගැනීම උදෙසා ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු අමාත්‍යංශ ඇමති මූලිකව නව සයිබර් ආරක්ෂණ ආයතනයක් පිහිටවීමට කටයුතු කර ඇති බව පෙන්වා දෙන ඔවුහු එම ආයතනයෙහි අධ්‍යක්ෂකවරු හා ආයතන ප්‍රධානී පත්වීම් සියල්ලම දේශපාලනික පත්වීම් බවද පවසති.
දේශපාලන කටයුතු සඳහා ඉදිරියේදී මෙම දත්ත යොදාගත හැකි බවට සැකයක් ඇති බවත් මෙම පනත මගින් එය බලපැවැත්වෙන සීමා මායිම් සඳහන් නොකිරීම නිසා මානව අයිතිවාසිකම් පිළිබඳවද ගැටලුවක් මතුවන බව එම සංවිධානයේ අදහසයි.








