FAST NEWS

24×7 Around the Globe

ඥානසාර හිමි ඇතුළු 13 කට එරෙහි අභියාචනය නිෂ්ප්‍රභ කෙරෙයි

 

(ෆාස්ට් නිව්ස් – කොළඹ) –  පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය දුන් තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ අභියාචනයක් අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇතැයි කොළඹ මහාධිකරණ අද(30) විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.

2008 වසරේ මාලබේ තලාහේන ප්‍රදේශයේ පිහිටි කල්වරි නැමැති කිතුනු යාඥා මධ්‍යස්ථානයකට පහර දී අලාභහානි සිදු කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබුණි.

ඒ අනුව දීර්ඝ නඩු විභාගයකින් පසුව 2017 වසරේ තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණය විත්තිකාර ඥානසාර හිමියන් ඇතුළු විත්තිකරුවන් 13 දෙනා නිදොස් කොට නිදහස් කිරීමට නියම කර තිබුණි.

එම තීන්දුව අහෝසි කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් අභියාචනවක් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබු අතර එම අභියාචනය ඉකුත්දා නීතිපතිවරයා විසින් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය නිශ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.