(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 අප්‍රේල් මස 21 වන පාස්කු ඉරු දින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරු ආරක්ෂක විධිවිධාන මත තාවකාලිකව අත්හිටුවණු ලැබූ දුම්රිය පාර්සල් ප්‍රවාහන සේවය, 2019 ජූනි මස 01 වෙනි දින පටන් යළිත් ආරම්භ කිරීමට කටයුතු සම්පාදනය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව පාර්සල් ප්‍රවාහනය සඳහා බාර දීමේදි ඒ තුල අඩංගු වන භාණ්ඩ හා අයිතමයන් අදාල දුම්රිය ස්ථානාධිපතිවරයාට පෙන්වා තහවුරු කිරීමෙන් අනතුරුව, විධිමත් ලෙස මුද්‍රා තබන ලද පාර්සල් දුම්රිය හරහා ප්‍රවාහනය සඳහා අනුමත කෙරෙනු ඇති බව වාර්තා වනවා.








