FAST NEWS

24×7 Around the Globe

ලබන හතරවනදා සී.අයි.ඩී. සහ රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානීන් තේරීම් කාරක සභාවට

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අප්‍රේල් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පත් කළ විශේෂ තේරීම් කාරක සභාව ලබන මස 04 වනදා පස්වරු 03 ට යළි රැස්වීමට නියමිතය.

එදිනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා සහ රාජ්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා ද තේරීම් කාරක සභාව වෙත කැඳවා තිබේ.

ඊයේ ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ සහ ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් තේරීම් කමිටුව හමුවේ සාක්ෂි ලබාදුන්නේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව පළමුවරට පසුගිය 23 වනදා රැස්වූ අතර, ලබන හතරවනදා පැවැත්වෙන්නේ එහි තුන්වන රැස්වීමයි.