FAST NEWS

24×7 Around the Globe

කාළගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තද වැසි සහ සුළං පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ කොළඹ සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි හා සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ක් දක්වා ක්ෂණිකව ඉහළ යා හැකි බවයි.

ධීවර කටයුතුවල යෙදෙන ජනතාවට මේ පිළිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසට එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

දිවයිනට නිරිත දෙසින් වන මුහුදු ප්‍රදේශයේ ක්‍රියාකාරී වළාකුළු පද්ධතියක් පැවතීම මීට හේතු වී තිබේ.